Live 24

Sunday
June 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 1, 2025
  • Home
  • Local
  • බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට
Image

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07) කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ලංකාවට එවන වාහනයක නිශ්පාදකයා සවිකර ඇති උපාංගයට අමතරව කිසිවක් සවිකිරිමට නොහැකි බව 2013 චක්‍රලේඛණයේ සඳහන් වන බවත් එය අදටත් පිළිගන්නා බවත් නවිකරණයකරණ ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති පී.එ දයාරත්න මහතා පවසා සිටියා.

2013 නිකුත් කළ මෙම ගැසට් පත්‍රය තිබියදී පොලිසිය නිවැරදිව නිතිය ක්‍රියාත්මක කළානම් මේ වන විට කිසිදු බස්රථයක් මොඩිෆිකේෂන් නොවන බව දයාරත්න මහතා පැවසුවා.

‘මේ වන විට බස් සියයට 90ක් මොඩිෆිකේෂන් කරලා…ලංකාවේ සියයට 60 පමණ ජනතාවක් ඉන්නවා ක්ලබ් යන්න බැහැ…..පලවෙනි නතර කරන තැනදීම අරක්කු බෝතලයක් අරන් බිලා නටනටා යන සෙට් එක තමයි සියයට 60 ජනතාව.සුඛෝපබෝගී ජනතාවට මේ බස් අවශ්‍ය නැහැ.මොඩිෆිකේෂන් බස්රථයකට ඉල්ලිම් කලා කට්ටිය කොහේ හරි නතර කරලා නටලා සිංදු කියලා එනවා.විදේශික ජනතාවත් ඇවිත් නටලා බස් එක හොද බස් රථයක් කියලා තියනවා.”

පොදු මඟි ප්‍රවාහන සහ විශේෂ චාරිකා සඳහා යොදා ගන්නා බස්රථවල හිමිකරුවන් මේ කණ්ඩායමට ඇතුලත් .

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *