Live 24

Thursday
March 13, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
March 13, 2025
  • Home
  • Local
  • පොදුජන යුගයට ඔබේ වරම ලබාදෙන්න – සජිත්
Image

පොදුජන යුගයට ඔබේ වරම ලබාදෙන්න – සජිත්

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය.

“මේ රටේ හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති කාර්ය සාධක බලකාටයක් පිහිටුවලා මේ ආස 4ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ජනතාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධවීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරනවා.

නගර හදා ගම්හදා නගර උදාකරන වැඩපිළිවෙළකට අපි යොමුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අයටයි අර එක්සත් ජාතික පක්ෂේ අයටයි ඔබගේ ඡන්දේ නාස්ති කරන්න එපා.

රට සංවර්ධනය කරන අපේ ගමනත් එක්ක සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව එකතුවෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබ පොදුජන යුගයට ඔබගේ වරම ලබා දෙනවාද? තීන්දුව තිබෙන්නේ ඔබ අතේ.

කිසිම සැකයක් නෑ මෙදාපාර රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොර ගිවිසුම්, හොර ඩීල් දේශපාලනය අපි අවසන් කරලා පොදුජන යුගය, පොඩි මිනිහාගේ යුගය බිහිවෙනවයි කියන එක අපි විශ්වාස කරනවා.”

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025
1 Comments Text
  • 1.veeber says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Its like you read my mind You appear to know so much about this like you wrote the book in it or something I think that you can do with a few pics to drive the message home a little bit but instead of that this is excellent blog A fantastic read Ill certainly be back
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *