Live 24

Friday
March 14, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
March 14, 2025
  • Home
  • Local
  • ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි
Image

ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත්, එබැවින් අදාළ සාක්‍ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාල ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් මස 4 වනදා කැඳවීමටද නියම කෙරුණා.

2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 27 වන දින මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර තිබුණා.

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *