Live 24

Wednesday
July 30, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
July 30, 2025
  • Home
  • Crime/police
  • ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..
Image

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි.

ඒ අනුව, අදාළ ගිනි අවි සහ පතොරොම් නොවැම්බර් 7 වැනිදාට පෙර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන්නැයි ගිනි අවි භාරකරුවන්ට දැනුම්දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 1500 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි 1690 ක්, ගෙවුණු කාලය තුළ නිකුත් කර ඇති බවයි.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ය. 

Releated News

තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…

Jul 28, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…

Jul 22, 2025
1 Comments Text
  • uaeunemploymentinsurance says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do trust all the ideas youve presented in your post They are really convincing and will definitely work Nonetheless the posts are too short for newbies May just you please lengthen them a bit from next time Thank you for the post
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *