Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
  • Home
  • Local
  • කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කෙරේ
Image

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කෙරේ

කොම්පඤ්ඤවීදිය සහ විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකල ගුවන් පාලම් ව්‍යාපෘතිය අද (11) විවෘත කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක යන අය සහභාගී වී තිබුණා.

ඒ සදහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක් වියදම් කර ඇති බව සඳහන්

දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම මෙම පාලම ඉදිකිරීමේ අරමුණක්

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය කර ඇති බව සඳහන්

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

Releated News

තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association…

Feb 3, 2025
Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025
2 Comments Text
  • soapertv says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow superb blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is magnificent as well as the content
  • Vitazen Keto Review says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Vitazen Keto Gummies Very well presented. Every quote was awesome and thanks for sharing the content. Keep sharing and keep motivating others.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *