Live 24

Tuesday
October 22, 2024
loader-image
temperature icon 28°C
moderate rain
Tuesday
October 22, 2024
  • Home
  • Crime/police
  • උද්දිකගේ වෙඩි තබා ගැනීමේ නාට්ටියේ සහාය නළු ASP අල්ලන්න පොලිසිය උසාවි යන්න ලෑස්ති වෙයි! 
Image

උද්දිකගේ වෙඩි තබා ගැනීමේ නාට්ටියේ සහාය නළු ASP අල්ලන්න පොලිසිය උසාවි යන්න ලෑස්ති වෙයි! 

පොදු ජන පෙරමුණේ අනුරාධපුර  දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  චෝදනා ලබා  සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  එම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කර ඇති බවයි.

මන්ත්‍රීවරයා  සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ (13)  ප්‍රකාශ කළේය.

Releated News

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
මග නැගුමෙන් ඉදිකිරීම් සමාගමට කෝටි 15ක් ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන…

Sep 27, 2024
කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන්…

Aug 31, 2024
දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *