Live 24

Saturday
August 2, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
August 2, 2025
  • Home
  • Politics
  • ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.
Image

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා, වී රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

Releated News

ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…

Jul 22, 2025
හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත්  ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික  වටිනාකමින්…

Jul 22, 2025
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…

Jul 22, 2025
ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව

නොවැම්බර් 21 යළි කැදවයි..! ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි…

Jul 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *