Live 24

Saturday
December 21, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
December 21, 2024
  • Home
  • Sinhala
  • අනුර පිළිගන්න චීනයත් සූදානමින්
Image

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමුවූ අවස්ථාවේදීයි .

එසේම මෙරට ආපදා තත්ත්වයන් වලදී ආධාර ලබා දීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියටත් චීනයේ සහාය අවශ්‍ය බවද පෙන්වා දී තිබෙනවා .

අතරමඟ නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී කිං බොයොං මහත්මිය සඳහන් කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද උප සභාපතිනිය පවසා තිබෙනවා .

මීට අමතරව ඇය වැඩිදුරටත් සඳහන් කළේ, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ කමිටු සාමාජික මා යුෂියැංග් (Ma Youxiang) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා

Releated News

මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

Dec 18, 2024
කෙහෙළියගේ බැංකු ගිණුම් 02ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අල්ලස්…

Dec 18, 2024
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය කෙරේ – බද්ද වෙනස් වන්නේ මෙහෙමයි 

උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී…

Dec 18, 2024
වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ,…

Dec 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *