Live 24

March 11, 2026
🌤️Mainly clear, 27°C
March 11, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • News
  • TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්
Image

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

“අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම නුදුරේදීම සිදු කරනවා.”

“අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදුවී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණක්. අනවසර ජංගම දුරකථන මගින් සිදුකරන සමාජ විරෝධී වැඩ අවම කිරීම, ජංගම දුරකථන මගින් අයථා ගනුදෙනු කරන පුද්ගලයන් හඳුනාගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.”

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *