Street Burger නවතම ශාඛාව නාවලදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ අව්‍යාජ රසය කැටිකොටගත් අවන්හල් ජාලයක් වන
‘Street Burger’ සිය නවතම ශාඛාව පසුගියදා නාවල ප්‍රදේශයේදී විවෘත කළේ ය.
දේශීය බර්ගර් ජාලයක් වන Street Burger මේ වනවිට මෙරට පාරිභෝගිකයන්
අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, ඒ නිසාම දිවයින පුරා වෙසෙන
පාරිභෝගිකයන්ට නියම බර්ගර් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්
Street Burger සිය ශාඛා ජාලය පුළුල් කරමින් සිටී.
“දෑතින්ම නිපැයූ අපගේ සුවිශේෂී බර්ගර් රස රැස වැඩි පිරිසක් වෙත සමීප
කරවීමට හැකි වීම අපට මහත් සතුටක්. දැන් නාවල ප්‍රදේශයේ ජනතාවටත් මේ
සුවිශේෂී අත්දැකීම විඳගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ
පෙරළියක් සිදුකිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ඉදිරියටත් නැවුම් අමුද්‍රව්‍ය
යොදා සකස් කළ ප්‍රණීත ආහාරපාන එකතුවක් සමගින් පාරිභෝගිකයන්ට දිගින්
දිගටම විශිෂ්ටතම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි.” Street Burger සම-
නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මසූන් සමූන් මහතා පැවසී ය.

2016 වසරේදී ආහාරපාන අලෙවි කරන කුඩා ට්‍රක් රථයක් ලෙසින් ආරම්භ වූ
Street Burger මේ වනවිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතරම ජනප්‍රියම බර්ගර්
අවන්හල් එකතුවක් බවට පත් වී ඇත. Street Burger වෙතින් පාරිභෝගිකයන්ට
ඉහළම ප්‍රමිතියකින් සහ රසයකින් යුත් බර්ගර්, සයිඩ්ස් සහ ෂේක්ස් ඇතුළු
ආහාරපාන වර්ග රැසක් සමගින් විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් හිමි වේ.
එමෙන්ම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් Street Burger මේ වනවිට
විධිමත් පුහුණු වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් හඳුන්වා දී ඇත. මෙය
ආයතනයේ වර්ධනයට මෙන්ම සේවක සේවිකාවන්ගේ වෘත්තීය දියුණුවටද
මහෝපකාරී වී තිබේ.
මේ වනවිට කොළඹ (බම්බලපිටිය), ඇතුල් කෝට්ටේ, ගල්කිස්ස සහ නාවල යන
ප්‍රදේශවල Street Burger ආපනශාලා පිහිටුවා ඇත. ඉදිරියේදී තවත් ශාඛා විවෘත
කිරීමටත් නව ආහාරපාන වර්ග හඳුන්වා දීමටත් Street Burger බලාපොරොත්තු
වෙයි.
Street Burger නාවල විවෘත කළ නව ආපනශාලාව, එහි සන්නාමයේ නව දැක්මට
අනුකූලව, ඉතාමත් අලංකාර හා සුවපහසු ලෙස සැලසුම්කර ඇත. Street Burger

යනු ප්‍රණීත ආහාරපාන පිරිනමන සහ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන
අවන්හල් ජාලයක් බව ඉන් පැහැදිලිව නිරූපණය වේ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect