27 C
Colombo
Tuesday, June 15, 2021

(Sinhala) දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් අරඹමින් Agro Bizz-Smart වේදිකාව අරඹයි

[:si]දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා අවධානයට යොමු වී ඇති කලෙක රටක අභිමානයට වගේම නිරෝගී පැවැත්මටත් ආර්ථික – දේශපාලන සංහිඳියාවටත් අත්‍යවශ්‍ය කරුණක් නිසා සිදුවෙමින් පවතින ගෝලීය කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනය රඳා පවතින නවීන දැනුම හා තාක්ෂණය පදනම්ව ‘ස්මාර්ට් කෘෂිකර්මාන්තය’ අපි සියලූ දෙනාටම අතිෂයින් වැදගත්.

එහිදී වගාබිම වගේම, බෙදා හැරීම, අලෙවිකරණය, පහසුකරණ වගේ බොහෝ අංශ නවීන තාක්ෂණය මත පදනම් වෙනවා. නවීන තාක්ෂණය ලංකාවේ ගොවීන් අතට, අලෙවිකරුවන් අතට පත්වීම යනු මෙරට කෘෂිකර්මාන්තයේ දැවැන්ත ඉදිරි පියවරක්.

ගොවිබිම තුළ මේ ආකාරයේ ප‍්‍රවණතා සිදුවෙද්දී දේශීය කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනයට වගේම පාරිභෝගික ජනතාවගේ හිතසුව පිණිස අලූතින් හිතන – නවීන තාක්ෂණය හා දැක්මක් සහිතව ක‍්‍රියාත්මක වන නව කෘෂි ව්‍යවසායකයින් විශාල පිරිසක් ද කරළියට පැමිණ තිබෙනවා.

මෙම කෘෂි තාක්ෂණික ව්‍යවසායකයින් අතර වඩාත් සුවිශේෂ ව්‍යවසායකයෙක් ලෙස ‘සෙලාටා ටෙක් (පුද්) සමාගම – Celata Tech (Pvt) Ltd සැලකිය හැකියි. රුපියල් මිලියන 106ක දැවැන්ත ආයෝජනයක් සමග පැමිණෙන සෙලාටා සමාගම සෙසු කෘෂි ව්‍යවසායන් අතර වඩාත් සුවිශේෂ වීමට හේතු රැසක් තිබෙනවා.

සෙලාටා ටෙක් සුවිශේෂ කෘෂි ව්‍යවසායක් වන්නේ ඇයි ?

සෙලාටා ටෙක් සමාගම මගින්, AgroBIZZ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ, ලෝක බැංකු හා කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ සහාය ඇතිවයි. ඒ නිසා මෙම සමාගමට සෙසු සමාගම්වලට වඩා ජාතික වගකීමක් මෙන්ම ගොවීන් සහ දේශීය කෘෂිකර්මාන්තය කෙරෙහි වගවීමක් තිබෙනවා.

සෙලාටා ටෙක් සමාගම සෙසු කෘෂි ව්‍යවසායන් අතර සුවිශේෂ වන හේතු අතර ප‍්‍රමුඛ වන්නේ ඔවුන් AgroBizz – Smart කෘෂි ඒකාබද්ධ කිරීමේ වේදිකාවක් ලෙස ක‍්‍රියාත්මක වීමයි. මෙය ලංකාවේ ගොවීන්ට මෙන්ම අලෙවි ජාලාවලට ද අලූත් අත්දැකීමක්.

සෙලාටා ටෙක් සමාගම විසින් මෙරට ගොවිජනතාවට ප්‍රධාන සේවාවන් කිහිපයක් සැලසීමට සූදානමින් සිටිනවා. ඒ අතර AgroBizz Platform මගින් ගොවීන්, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් දාම, කෘෂි නිෂ්පාදන අපනයනකරුවන්, ආහාර සකසනයන්, කෘෂි නිෂ්පාදන සැපයුම්කරුවන්, පොහොර හා පළිබෝධනාශක සැපයුම්කරුවන්, ප්‍රවාහන සැපයුම්කරුවන්, බීජ සහ පැල සැපයුම්කරුවන් යනාදිය එකම වේදිකාවක් තුළ අන්තර් සම්බන්ධිත හා අන්තර්ග්‍රහණය කිරීම සිදුවෙනවා.

එපමණක් නොව සෙලාටා AgroBizz Platform මගින් කුඩා පරිමාණ කෘෂි සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් දාම, ආහාර සකසන, කෘෂි නිෂ්පාදන අපනයන වැනි තොග ගැනුම්කරුවන් සමඟ වේදිකාව ගොවීන් අතරමැදියන්ගෙන් තොරව ඍජුව සම්බන්ධ කිරීමට පියවර ගන්නා අතර නව කෘෂි ව්‍යවසායකයින් 1000ක් මෙහිදී ප‍්‍රතිලාභීන් බවට, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයින් බවට පත්වන්නේ ද මෙරට ප‍්‍රජාව වීම ද විශේෂත්වයක්. AgroBizz Platform විසින් දේශීය ප්‍රවාහන සේවා සපයන්නන්, ස්කූටි යතුරු පැදි හිමි කාන්තාවන්, ත්‍රිරෝද රථ, ඩිමෝ බට්ටෝ සහ ලොරි රථ හිමියන් ඍජුව ගොවීන් හා ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරනවා. ඒ අනුව මේ එක් එක් සේවා සපයන්නෙක්, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයෙක් මාසිකව රුපියල් 100,000කට වඩා ආදායමක් උපයා ගන්නා බවට සහතික කරනවා. මේ හරහා දීපව්‍යාප්තව නව රැකියා, නැතිනම් නව කෘෂි ව්‍යවසායකයින් 1000කට අධික පිරිසක් බිහිකිරීමට නියමිතව තිබෙනවා.

සුවිශේෂ සේවාවන්

AgroBizz Platform මගින් ගොවීන්ට තම නිෂ්පාදන විකිණීම සඳහා වේදිකාවක් සැපයීම මගින් තම සේවය නතර කරන්නේ නැහැ. ගෝලීය වශයෙන් කෘෂිකාර්මික කේෂත‍්‍රයේ සිදුවන විප්ලවීම දැනුම හා තාක්ෂණය මෙරට ගොවීන් වෙත ලබාදීමට ඔවුන් පියවර ගන්නවා. ඒ අනුව ජංගම යෙදුම හරහා පොහොර, පැලෑටි, බීජ, පළිබෝධනාශක සහ කෘෂි උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු ඔවුන් විසින් ලබා දෙනවා.

Dialog Ez Cash මගින් ගොවීන්, ගැනුම්කරුවන්ට සහ නිෂ්පාදන සැපයුම්කරුවන්ට ගෙවීම් කාඩ්පත් නොමැතිව ගනුදෙනු කිරීමට අවස්ථාව ද ලබා දෙන අතර ඔවුන්ට සරල EZ Cash සමඟ ගනුදෙනු සඳහා ගෙවීමට ජංගම දුරකථනය භාවිතා කිරීමේ පහසුකම් ද හිමිවෙනවා.

ගොවීන්ට හෝ විකුණුම්කරුවන්ට භෞතිකව බැංකු හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කිරීමකින් තොරව තම ස්ථානයෙන් මුදල් එකතු කර ගැනීමට ඇග්‍රෝබිස් විසින් ඩයලොග් ඊස් බ්‍රෝ (Dialog Ez Bro facility) පහසුකම ලබා දීමට ද පියවර ගන්නා බව සඳහන්.
ජංගම යෙදුම මගින් ගොවීන්ට නව තාක්‍ෂණයන් හා ශිල්පීය ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සහ කෘමි හානි, පොහොර හා පළිබෝධනාශක භාවිතය ආදිය පිළිබඳව ගොවීන්ට සහාය හෝ මග පෙන්වීම ලබා දෙන අතර ගොවීන්ට කාලගුණ අනාවැකි නිරීක්ෂණය කිරීමේ පහසුකම ලබා දීම තවත් සුවිශේෂ කරුණක්.

තවත් පහසුකම් රැසක්

ගොවීන්ට හා කුඩා පරිමාණ ගැනුම්කරුවන්ට ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම සඳහා AgroBizz Platform ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ඉතුරුම් බැංකුව සමඟ ඒකාබද්ධව කටයුතු කරයි.

අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය යනාදී බලධාරීන්ට කෘතිම බුද්ධි පහසුකම (Artificial Intelligent facility) සහිත භූගෝලීය පදනම් විශ්ලේෂණ දත්ත (Geographical based analytical data) ද සැපයීමට පියවර ගෙන ඇත.


[:]

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img