Netflix  මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි

Netflix  රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.
ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගයි

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල Netflix  පිරිවැය වැඩි කරන බවයි සමාගම පවසන්නේ.

තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීම සඳහා තම සාමාජිකයින්ගෙන් මෙලෙස සේවා ගාස්තුව ඉහළ දමන බව ඔවුන් සඳහන් කරනවා.

පසුගිය වසරේ අග දකුණු කොරියානු නාට්‍යයටක්වන Squid Game හි දෙවන කතා මාලාව සහ සටන්කරුවෙකු බවට පත් වූ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ජේක් පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරඟයක් ඇතුළු ක්‍රීඩා මගින් Netflix සමාගම  බලාපොරොත්තු වූවාට වඩා හොඳ ග්‍රාහක සංඛ්‍යාවක් එකතු වී තිබෙනවා.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ, වෙළඳ දැන්වීම් නොමැති සම්මත දායකත්වය ඇතුළුව සියලුම සැලසුම්වල පාහේ මිල ගණන් ඉහළ යනු ඇති අතර එය දැන් මසකට ඩොලර් 17.99 වනු ඇති. මීට පෙර එය ඩොලර් 15.49 ක් වූවා.

දැන්වීම් සහිත එහි සාමාජිකත්වය ද ඩොලර් 7.99 දක්වා ඩොලරයකින් ඉහළ යන බව සඳහන්.

Netflix  අවසන් වරට අමෙරිකා එක්සත් ජනපදයේ මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදීවන අතර එහිදී එය එක්සත් රාජධානියේ සමහර සැලසුම් සඳහා පිරිවැය ඉහළ දැමුවා.

ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නව ග්‍රාහකයින් මිලියන 9.6 ක් එකතු කිරීමට අපේක්ෂා කළ නමුත් එම සංඛ්‍යාව බොහෝ දුරට ඉක්මවා ගොස් පසුගිය වසර අවසන් වූයේ මුළු ග්‍රාහකයින් මිලියන 300 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ බවයි Netflix  සමාගම පවසන්නේ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect