Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
Unable to connect to weather service.
  • Home
  • international
  • IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති IMF නියෝජිතයින්ට කියයි
Image

IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති IMF නියෝජිතයින්ට කියයි

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි තහවුරු කර තිබේ

ඒ , දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් සමග අද(03) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදි සමාලෝචනයට ලක් කළ බවයි.

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට  රජය සැලසුම් කර  ඇතැයි ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම IMF නියෝජිතයන් අගය කළ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබේ.

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *