Live 24

March 3, 2026
☀️Clear sky, 28°C
March 3, 2026
☀️Clear sky, 28°C
  • Home
  • Politics
  • IMF එකේ පදේට නටන රූකඩ ආණ්ඩුව නිසා රටම බදු සුනාමියක් බවට පත් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

IMF එකේ පදේට නටන රූකඩ ආණ්ඩුව නිසා රටම බදු සුනාමියක් බවට පත් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද ජන සමාජය තුළ උහුලා ගත නොහැකි පීඩනයක් නිර්මාණය වී ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ජනතාව අතිශය කණගාටුදායක සෝචනීය තත්ත්වයකට වැටි දරිද්‍රතාවකට ලක් වුවත් බදු පිට බදු ගහන බදු සුනාමිය නතර වී නොමැති බවත් IMF එක කිව්වා කියා කුලී නිවසටත් බදු ගහන සූත්‍රයක් රජය හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි.එම්.එෆ්. එක කිව්වා කියා කියන කියන හැම දේටම කැමති වෙන්න ජනතාව වරමක් ලබා දී නොමැති බවත් රජයට හැකියාවක් ඇත්නම් දක්ෂ නම් කාර්යශූර නම් ජනතාව වෙනුවෙන් හොඳ ම ගිවිසුමකට ප්‍රවේශ වෙන්න හැකියාවක් තිබුණත් එවැනි දෙයක් සිදුව නොමැති බවත් IMF එක කියන කියන තාලෙට නටන රූකඩ පාලනයක් රටේ ඇති බවත් මොවුන් බදු සුනාමියක් ජනතාවගේ කරපිට පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 17) කොළඹ කැස්බෑව රත්තනපිටිය ආනන්ද නව ආදර්ශ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 243 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරිම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.*

*මේ රූකඩ ආණ්ඩුව රටටම ඛේදවාචකයක් වෙලා*

අපේ රටේ සෛරීභාවය කාටවත් අපි විකුණා නොමැති බවත් හොඳ ස්ථාවරයක සිට හොඳ සාකච්ඡාවකට ගියොත් ජනතාවගේ පැත්තෙන් ඉටුවිය යුතු දේ නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි බවත් ජනතා පීඩනය අවම කර ජනතා අපහසුතාව අවම කර පීඩාකාරි ජන ජීවිතයක් නිර්මාණය නොකර හොඳ සාධනීය ගිවිසුමකට එළැබිය හැකි වුවත් අද සිටින්නේ රූකඩ ආණ්ඩුවක් බවත් මෙය යුගයේ ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*බංකොලොත් යල්පැන ගිය න්‍යායන් රටට වැඩක් නැහැ*

අප රටට IMF මැදිහත්වීම අවශ්‍ය බවත් කොටු පවුරු බැදගෙන සංවෘත්තව බංකොලොත් න්‍යායන් මත පදනම්ව කටයුතු කළොත් තවත් ප්‍රපාතයකට අප රට වැටෙන බවත් රට වෙනුවෙන් ලබා ගත හැකි උපරිම දේ අපි ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපිටත් හැකියාව තිබුණා රට සවාරි ගිහින් සංදර්ශන පවත්වන්න*

සක්වල හා හුස්ම වැඩසටහන් කිරිමට වියදම් කළ මුදලින් කයිය නායකයන් මෙන් විදේශ සංචාර, දේශපාලන ප්‍රවර්ධන කිරිම් මෙන්ම බිම් මට්ටමේ කාර්යාල රැසක් හැදීමට හැකියාවක් තිබුණත් එම මුදල් රටේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් වන අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ආයෝජනය කිරිමට සමගි ජන බලවේගය තීරණය කළ බවත් මේ දරු පරපුර අප රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපේ ප්‍රතිපත්තිය ඩිජිටල් ශ්‍රී ලංකාවක්*

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරිම බවත් රජයත් එවැනි දෙයක් කිව්වත් තොරතුරු තාක්ෂණය උගන්වන්නේ සිංහල භාෂාවෙන් 6-13 බවත් නමුත් එය ඉංග්‍රීසි භාෂාවෙන් 1-13 අනිවාර්ය විෂයක් විය යුතු බවට තමා පෞද්ගලිකවම සිතන බවත් මේ සියල්ල සිදු කළ යුත්තේ පාසල්වල මානව හා භෞතික සම්පත් ඌනතා විසදා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අද රටේ කතාව හා ක්‍රියාව අතර විශාල පරතරයක් පවතිනවා*

අද රටේ කතාව හා ක්‍රියාව අතර මහා පරතරයක් ඇති බවත් ඒ නිසාම මානුෂීයත්වය තුට්ටු දෙකටවත් ගණන් නොගන්නා බවත් මානුෂීයත්වයක් නොමැති වීම තුළ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ පාසල් දෙකට බෙදා ඇති බවත් හොඳම දේ දරුවන්ට කියා ලොකුවට කයිවාරු ගගහා දිවා ආහාරය ලබා දෙන්නේ 1-5 ශ්‍රේණි සඳහා බවත් මනුස්සකමේ ඇති නාමය රුධිය නාලිකාවල අංශු මාත්‍රයක් හෝ තිබේ නම් මේ දිවා ආහාරය 41 ලක්ෂයක් දූදරුවන්ට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපි තිරසර හරිත ආර්ථිකයක් කරා පියනගමු*

මේ වන විට ලෝකයේ නව ප්‍රවණතාවක් වී ඇති හරිත අධ්‍යාපනය, හරිත තාක්ෂණය මෙන්ම හරිත කේන්ද්‍රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර හරිත කේන්ද්‍රීය තිරසර සංවර්ධනයක් තුළ කාබන් විමෝචනය කරන ලද රටක් බවට පත් වීම අපගේ අරමුණ විය යුතු බවත් හරිත සංවර්ධනය ගැන බොහෝ දෙනා කතා කළත් ඒවා මහපොළොවේ යථාර්ථයක් වී නොමැති බවත් පාසල් 10096ම හරිත තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක කිරිමට වඩාත් යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 243ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2726ක් වැය කර තිබේ.

Releated News

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Feb 25, 2026
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *