Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
  • Home
  • international
  • IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති IMF නියෝජිතයින්ට කියයි
Image

IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති IMF නියෝජිතයින්ට කියයි

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි තහවුරු කර තිබේ

ඒ , දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් සමග අද(03) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදි සමාලෝචනයට ලක් කළ බවයි.

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට  රජය සැලසුම් කර  ඇතැයි ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම IMF නියෝජිතයන් අගය කළ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබේ.

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *