ICONIC AWARDS SRI LANKA 2024 සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්න තැබූ සටහන

ඇය ජෙයෂ්ඨ මාධ්‍යවේදිනියක්. ජාතික රූපවාහිනියේ ජෙයෂ්ඨ වැඩසටහන් අධ්‍යක්‍ෂවරියක්. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කරමින් ලාංකීය විශිෂ්ඨතම කලාකරුවන් පිළිබදව ඇය රටට තිලිණ කළ ආලකමන්දාව නම් යුග මෙහෙවර උදෙසා ජාත්‍යන්තර සම්මානයක්ද සමග සම්මාන 24 ක් මේ වන විට ලබා ගෙන තිබෙනවා.
ඔබට මතක නම් පුංචි තිරයේ ජනප්‍රියතම වැඩසටහනක් වූ ලංකාවේ විද්‍යුත්,නාලිකාවකින් කළ ප්‍රථම ගීත දර්ශක,කාන්තා වැඩසටහන් ඇගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ‘නුග සෙවණ’ කාන්තා සජීව වැඩසටහනේ සමාරම්භක අධ්‍යක්ෂවරියද ඇයයි.
‘රිදී නිම්නය ‘ සෙනහසේ නවාතැන , (සුන්දර රාත්‍රිය) වැනි වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් ඇය ජාතික රූපවාහිනියේ සලකුණක් තැබූ අතර ප්‍රේක්‍ෂක රසික ප්‍රජාව අතර ද ආදරණීය චරිතයක් වූ බව නොරහසක්.
පසුගිය වසරක කලාව හා සාහිත්‍ය වෙනුවෙන් ඇය කරන ලද මෙහෙවර උදෙසා ලංකාවෙන්ම ‘වනිතාභිමාන’ සම්මානය හිමි කරගත්තේ ඇයයි.
ගුවන්විදුලි ගායන ශිල්පිනියක් ,සංගීත ගුරුවරියක්,නිවේදිකාවක්,වැඩසටහන් අධ්‍යකෂවරියක්, ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල ඈ කල මෙහෙවර සැබැවින්ම පැසසිය යුතුමයි.
සිනමාව,සංගීතය,සාහිත්‍යය කේන්ද්‍ර කරගනිමින් තවමත් මතු පරම්පරාව වෙනුවෙන් තම මෙහෙවර ඉටුකරන විනීත කරුණාරත්න නම් ජෙයෂ්ඨ මාධ්‍යවේදීනිය/ රූපවාහිනී වැඩසටහන් අධ්‍යකෂවරියටයි.ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සම්මානය පුද කරන්නේ ජෙයෂ්ඨ මාධ්‍යවේදිනී විනීත කරුණාරත්න
හින්දි සිනමාව,සහ සංගීතයට ඇය දක්වන ඇල්ම නිසාම වරෙක භාරතීය මහා ගීත කෝකිලාවිය ලතා මංගෙශ්කාර් ට සහ භාරතීය සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයා දිලීප් කුමාර් ට ඔවුන් අලලා ඇය කළ චරිතාපදාන වැඩසටහන් දෙකක් තිලිණ කිරීමට මහගු අවස්ථාවක්ද උදාවෙනවා.

උපුටා ගැනීම ICONIC AWARDS 2024

BMICH හිදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනු Iconic Awards 2024 සන්ධ්‍යාව පිළිබදව හදවතින්ම සතුටු වෙමි. මේ මා ලද විසි පස්වන සම්මානය වුවත්, මා ප්‍රථමයෙන් සම්මානයක් ලබා ගත් දවසත්, මා ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත් දවසත්, ඊටත් එහා සතුටක්, වටිනාකමක් දැනුනු Life Time Award එක පිළිබදව මට සහ මා උපයා ගත් කලාකාමී ප්‍රජාවට දැනුනු සතුටත්, කෙසේ නම් අගය කරන්නද ? මේ තමයි ජීවිත කාලයටම මා ලබා ගත් වටිනාම සම්මානය.
ඒ වටිනාකමට ඉඩ හසර පෑදූ Iconic Awards සංවිධායක කමටුවටත්, Ms. දෙව්මිණි අතපත්තුටත්, Mr. අසංක අතපත්තුටත් මගේ ගෞරවනීය ස්තුතිය මෙසේ පිරිනමමි…..

විනීතා කරුණාරත්න
ජේ‍්‍යෂ්ඨ මාධ්‍යවේදිනී/ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect