Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • ICONIC AWARDS SRI LANKA 2024 සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්න තැබූ සටහන
Image

ICONIC AWARDS SRI LANKA 2024 සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්න තැබූ සටහන

ඇය ජෙයෂ්ඨ මාධ්‍යවේදිනියක්. ජාතික රූපවාහිනියේ ජෙයෂ්ඨ වැඩසටහන් අධ්‍යක්‍ෂවරියක්. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කරමින් ලාංකීය විශිෂ්ඨතම කලාකරුවන් පිළිබදව ඇය රටට තිලිණ කළ ආලකමන්දාව නම් යුග මෙහෙවර උදෙසා ජාත්‍යන්තර සම්මානයක්ද සමග සම්මාන 24 ක් මේ වන විට ලබා ගෙන තිබෙනවා.
ඔබට මතක නම් පුංචි තිරයේ ජනප්‍රියතම වැඩසටහනක් වූ ලංකාවේ විද්‍යුත්,නාලිකාවකින් කළ ප්‍රථම ගීත දර්ශක,කාන්තා වැඩසටහන් ඇගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ‘නුග සෙවණ’ කාන්තා සජීව වැඩසටහනේ සමාරම්භක අධ්‍යක්ෂවරියද ඇයයි.
‘රිදී නිම්නය ‘ සෙනහසේ නවාතැන , (සුන්දර රාත්‍රිය) වැනි වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් ඇය ජාතික රූපවාහිනියේ සලකුණක් තැබූ අතර ප්‍රේක්‍ෂක රසික ප්‍රජාව අතර ද ආදරණීය චරිතයක් වූ බව නොරහසක්.
පසුගිය වසරක කලාව හා සාහිත්‍ය වෙනුවෙන් ඇය කරන ලද මෙහෙවර උදෙසා ලංකාවෙන්ම ‘වනිතාභිමාන’ සම්මානය හිමි කරගත්තේ ඇයයි.
ගුවන්විදුලි ගායන ශිල්පිනියක් ,සංගීත ගුරුවරියක්,නිවේදිකාවක්,වැඩසටහන් අධ්‍යකෂවරියක්, ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල ඈ කල මෙහෙවර සැබැවින්ම පැසසිය යුතුමයි.
සිනමාව,සංගීතය,සාහිත්‍යය කේන්ද්‍ර කරගනිමින් තවමත් මතු පරම්පරාව වෙනුවෙන් තම මෙහෙවර ඉටුකරන විනීත කරුණාරත්න නම් ජෙයෂ්ඨ මාධ්‍යවේදීනිය/ රූපවාහිනී වැඩසටහන් අධ්‍යකෂවරියටයි.ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සම්මානය පුද කරන්නේ ජෙයෂ්ඨ මාධ්‍යවේදිනී විනීත කරුණාරත්න
හින්දි සිනමාව,සහ සංගීතයට ඇය දක්වන ඇල්ම නිසාම වරෙක භාරතීය මහා ගීත කෝකිලාවිය ලතා මංගෙශ්කාර් ට සහ භාරතීය සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයා දිලීප් කුමාර් ට ඔවුන් අලලා ඇය කළ චරිතාපදාන වැඩසටහන් දෙකක් තිලිණ කිරීමට මහගු අවස්ථාවක්ද උදාවෙනවා.

උපුටා ගැනීම ICONIC AWARDS 2024

BMICH හිදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනු Iconic Awards 2024 සන්ධ්‍යාව පිළිබදව හදවතින්ම සතුටු වෙමි. මේ මා ලද විසි පස්වන සම්මානය වුවත්, මා ප්‍රථමයෙන් සම්මානයක් ලබා ගත් දවසත්, මා ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත් දවසත්, ඊටත් එහා සතුටක්, වටිනාකමක් දැනුනු Life Time Award එක පිළිබදව මට සහ මා උපයා ගත් කලාකාමී ප්‍රජාවට දැනුනු සතුටත්, කෙසේ නම් අගය කරන්නද ? මේ තමයි ජීවිත කාලයටම මා ලබා ගත් වටිනාම සම්මානය.
ඒ වටිනාකමට ඉඩ හසර පෑදූ Iconic Awards සංවිධායක කමටුවටත්, Ms. දෙව්මිණි අතපත්තුටත්, Mr. අසංක අතපත්තුටත් මගේ ගෞරවනීය ස්තුතිය මෙසේ පිරිනමමි…..

විනීතා කරුණාරත්න
ජේ‍්‍යෂ්ඨ මාධ්‍යවේදිනී/ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
1 Comments Text
  • Mashable Video Downloader says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Fantastic site A lot of helpful info here Im sending it to some buddies ans additionally sharing in delicious And naturally thanks on your sweat
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *