පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය. ඇයට හිමිවිය ඇත්තේ ප්‍රශස්ත තම තානාපති සම්මානයයි. මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ විදෙස් තානාපතිවරියක් ඇගයීමට ලක් වූ ප්‍රථම වතාවයි.
මෙම සම්මානය ඇයට පිරි නැමුනේ ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය අසංක් අතපත්තු විසින්ය.
විවිධ ක්ෂේත්‍ර සහ ව්‍යාපාරිකයන් ඇගයීමට ලක් කරමින් 40කට ආසන්න ප්‍රමාණයකට සම්මාන ලබා දීම සිදු කෙරිණි. මේ සදහා තායිලන්ත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ලේකම්ද තායිලන්ත ශ්‍රී ලාංකිකයින්ගේ සංසදයේ සභාපති සහ ලේකම්වරයද ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සභාපති වන ටානියා එස් අබේසුන්දර මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටිය.