හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
එමෙන්ම, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්යක්ෂ අරුණ වර්ෂ විතාන ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා.
