Live 24

February 18, 2026
☁️Overcast, 28°C
February 18, 2026
☁️Overcast, 28°C
  • Home
  • News
  • Breaking: යෝෂිතට ඇප
Image

Breaking: යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඒ අනුව, සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළා.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළා.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 25 වැනිදා පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදීයි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *