Live 24

February 19, 2026
Partly cloudy, 28°C
February 19, 2026
Partly cloudy, 28°C
  • Home
  • Local
  • Breaking : නව කථානායක මෙන්න
Image

Breaking : නව කථානායක මෙන්න

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීයි.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර එය ස්ථීර කරනු ලැබුවේ, බිමල් රත්නායක විසින්.

වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගල්අමුණ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබෙනවා.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇති අතර විෂය කේෂ්ත්‍රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙනවා.

ඔහු වෛද්‍යවරයෙක්, වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂවරයෙක් ලෙස හා පොළොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඇතුළුව වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙක්.

මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප 51,391ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණා.

මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණද අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී  කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *