Live 24

January 28, 2026
Partly cloudy, 25°C
January 28, 2026
Partly cloudy, 25°C
  • Home
  • News
  • Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්
Image

Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතිඥවරුන් විශාල පිරිසක් සමඟයි.

ඒ, එම නියෝගය නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මතමොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වනදා අධිකරණය නියෝග කළා.

එවන් පසුබිමක තමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළා.

මෙවැනි තත්වයක් හමුවේ දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුලු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සෝදිසියට ලක් වූ අතර එහෙත් ඔහු සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

පර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වන්කම් තහනම් කිරීම සඳහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.

ඒ අනුව, ඊයේ අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාන් අරුණ බුද්ධදාස ඊයේ නියෝග කළා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *