Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • News
  • Breaking: යෝෂිතට ඇප
Image

Breaking: යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඒ අනුව, සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළා.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළා.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 25 වැනිදා පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදීයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *