‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තිම උප්පරවැට්ටය තමයි පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ – සුජීව සේනසිංහ

‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තිම උප්පරවැට්ටය තමයි පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු වරම ඡන්දයකින් ලැබුණ වරමක් නෙවෙයි. ඡන්දයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජන වරමක් ලබන්න හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන්නේ කොහොම හරි ජනාධිපතිධූරය රැක ගන්න. ඒ සඳහා පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් යොදවලා ජනාධිපතිධූරයේ තවත් කාලයක් රැදි සිටින්න උප්පරවැට්ටි යොදමින් සිටිනවා. දේශපාලනිකව රට තුළ කලබලයක් ඇති කරලා ජනාධිපතිධුරයේ රැඳි සිටින්න අවස්ථාවක් ගන්න තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන්නේ. ජනාධිපතිවරණයේදී සියයට 50 කට වඩා ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජය ගන්න පුලුවන්. එහෙම බැරි නිසා තමයි මෙවැනි දේශපාලන උප්පරවැට්ටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොදන්නේ. ඔහුට දැන් බැසිල් රාජපක්ෂගේ , නාමල් රාජපක්ෂගේ සහාය ලැබෙන්නෙත් නෑ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවසාන විජ්ජාව පුස්සක් බවට පත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවත තත්ත්වයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයකට සුදානම්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්තයා ඉලොන් මස්ක් මහතාව හමුවෙලා තිබුණා. ඒ ගැන අපි ආඩම්භර වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්තයා මෙවැනි දක්ෂ ව්‍යවසායකයන් හමුවෙනවා නමුත් එතනින් එහාට ක්‍රියා කරන්න කටයුතු කරන්නේ නෑ. ඉලොන් මස්ක් වැනි දක්ෂ ව්‍යවසායකයන් හමුවෙලා රටේ තිබෙන පාරිශුද්ධ භාවය පිලිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරලා රටට අයෝජනය ගෙන එන්න , විදෙස් ව්‍යාපාරික අවස්ථා රට තුළ ආරම්භ කරන්න පුලුවන් හැකියාව සමගි ජනබලවේගයට සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා.

ඒ වගේම ආර්ථිකය ගැන , ආයෝජන ගැන දැනුමක් නැති පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ. ලෝකය පිලිගත් ව්‍යාපාරිකයන්ට බැන බැන කටයුතු කිරිම තමයි ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අපනයන කරුවන්ට කියනවා විවෘත ආර්ථිකය ගැන හොදයි කියලා, මාධ්‍ය ඉස්සරහ කියනවා විවෘත ආර්ථිකය හොද නැ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩ් පිළිවෙතක් තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගත්තොත් ගෝඨාභයගේ පාලනයට එහා ගිය පාලනයක් තමයි රට තුළ ඇතිවෙන්නේ.රටම විනාශ කරන්න පුලුවන් පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ. ප්‍රතිපත්තියක් නැති පිරිසක් ගැන රටේ සුළු පිරිසක් විශ්වාස කරනවා. දුෂණය ගැන කතා කළ පමණින් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න එපා. විශේෂයෙන් විදෙස් රට වලට ඉන්න පිරිසට කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්න එපා කියලා. විදෙස් රටවල සිටින පිරිස් අපේ රටේ දේශපාලනය වෙනස් කරලා ලංකාවේ මිනිස්සු අමාරුවේ දාලා ඔවුන් යනවා. කඩාගෙන වැටෙන දේශපාලනයට බිලි වෙන්නේ ශ්‍රි ලංකාවේ සිටින අහිංසක ජනතාව. රට බේර ගන්න කියලා විදෙස් රටවල සිටි පිරිස් ලංකාවට ඇවිත් ඡන්දය දිලා ගියා. එයින් රට අවුරුදු 30 කට ආ පස්සට ගියා. දැනුම තිබෙන , පලපුරුද්ද තිබෙන පිරිසක් රටේ පාලනයට පත් කර ගන්න. විවේඡනය තිබ්බට ඔවුන්ව රටේ පාලකයෝ ලෙස පත් කර ගන්න එපා කියලා අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණෙ නායකයා මහානායක ස්වාමින් වහන්සේලා බැහ දිකින්න ගියා. ඔහු ගියේ මලික් සමරවික්‍රම සමඟ අනුර කුමාරට ඒකට පිළිතුරක් ලබා දෙන්න කියන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමඟ අනුර කුමාරට තිබෙන ගනුදෙනුව කුමක්ද? මේ ප්‍රශ්නවලට උත්තරයක් දුන්නොත් විවාදයට සජිත් ප්‍රේමදාස මහත්තයාව විවාදයට එවන්න පුලුවන්. රනිල්ගේ දකුණු අත සමඟ තමයි අනුර කුමාර දිසානායක ගනුදෙනු කරන්නේ. ඒ වගේම අනුර කුමාර දිසානායක ගනුදෙනු කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය තිබෙන ස්වාධින රුපවාහිනි සේවයට මොකටද අපි විවාදය පවත්වන්නේ.සමගි ජනබලවේගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උගුල් වලට අහුවෙන්නේ නෑ. අපි කියන්නේ විවාදය පවත්වන්න ස්වාධීන ආයතනයකට එන්න කියලා. ස්වාධීන රුපවාහිනි සේවය රජයේ ආයතනයක්. ‘‘

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect