හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ යන අය විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම හා එතෙක් පැවති ක්‍රම වේදයට පරිභාහිරව ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගි වීමට අවස්ථාව සලසා දීම තුළින් දූෂණය යන වරද සිදු කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ යන අය 2026.07.03 වන දින පෙ.ව.10.05 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.
