අධිකරණ ක්ෂේත්රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ගැටලු සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (23) කථානායකවරයා වෙත ලිපියක් භාරදී තිබේ.
එම ලිපිය මඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ අදාළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සෘජුව මැදිහත් විය යුතු බවයි.
