ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වෙමින්.
වසර 30කට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදා ගැනීමට රණවිරුවන් සිදු කළ විශාල කැපකිරීම් අගය කරන බවත්, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණවිරුවන්ට ගෞරවය පුද කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා තිබූ අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යුද්ධයෙන් හා ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් සියලු ජනතාවට තිරසර විසඳුම් ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
තවද, අනාගතයේ මෙවැනි කුරිරු යුද්ධයක් නැවත ඇති නොවීම සඳහා රට තුළ ප්‍රතිසංධාන හා සංහිඳියා ක්‍රියාවලියක් ශක්තිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා ගෙන යාම සියලු පාර්ශ්වයන්ගේම වගකීමක් බවද ඔහු පැවසීය.
