හුංගම කට්ටකඩුව ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ගවයින් ප්රවාහනය කළ ලොරි රථයක් නතර කිරීමට පොලීසිය අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පොලිස් අන නොතකා ලොරි රථය ධාවනය කර පළා යාමත් සමඟ ලුහුබැඳ ගිය පොලීසිය වෙඩි තබා රථය නතර කර ඇති අතර, සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
