ආනයනික කිරිපිටි මිල අද සිට ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝ 1 පැකට්ටුවක මිල රුපියල් 125කින් වැඩි වේ.
වෙළෙඳපොළ තත්ත්වය සහ ඩොලර් විනිමය අනුපාතය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සංසදය සඳහන් කළේය.
එසේම රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ඉදිරියේදී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිලද ඉහළ යා හැකි බව ආනයනකරුවන් පවසයි
