Live 24

February 27, 2026
🌤️Mainly clear, 28°C
Unable to connect to weather service.
Image

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති වීමට ඉඩ තිබූ බව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක ඊයේ (25)  පැවැති දේශපාලන වැඩසටහනකදී, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට එවකට පැවැති යහපාලන ආණ්ඩුව අපොහොසත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය ලෝකයේ වෙනත් රටවල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හා සමාන කරමින් සුජීව සේනසිංහ මහතා අදහස් දැක්වූ අතර, ඔහු මිනිස් ජීවිත විනාශ වූ ප්‍රහාරයක් ඉතා සාමාන්‍ය සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන බවට එහිදී මාධ්‍යවේදීන් චෝදනා කළා.  

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ලෝකයේ ඕනෑම බලවත් රටක මෙවැනි අන්තවාදී ප්‍රහාර එල්ල වී ඇති බවත්, ඇමෙරිකාවේ  ප්‍රහාරය පවා FBI ආයතනයට වළක්වා ගැනීමට නොහැකි වූ බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව පණිවිඩ ලැබී තිබුණද, එය එල්ල වන නිශ්චිත ස්ථානය පිළිබඳව නිසි අවබෝධයක් බුද්ධි අංශ සතු නොවූ බව සුජීව සේනසිංහ මහතා පැවසුවා.

“දවසකට කලින් පණිවිඩය ආවත්, ප්‍රහාරය කොහේදී සිදුවේදැයි සොයා ගැනීමට නොහැකි වුණා. සාමාන්‍ය වාතාවරණයක් තිබියදී හෝටල් වසා දමා, පල්ලිවලට යන්න එපා කියා නැවැත්තුවා නම් විශාල කලබලයක් ඇති වෙනවා. එවැනි අවස්ථාවක තීන්දු ගැනීම ඉතාමත් අපහසුයි”

එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට වඩා සැලකිලිමත් වීමට අවස්ථාව තිබූ බව පිළිගන්නා බව පැවසූ සුජීව සේනසිංහ මහතා කියා සිටියේ,   ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සොයා බැලිය යුතුව තිබූ බවයි.

එමෙන්ම  විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ අනතුරු ඇඟවීම් පිළිබඳව  මාධ්‍යවේදීන් විමසූ විට , එවකට අධිකරණ ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ සිටි ඔහුටද ඒ පිළිබඳ ක්‍රියා කිරීමට අවස්ථාව තිබූ බව ඔහු සඳහන් කළා.  

කෙසේවෙතත් වඳ කොත්තු, වෛද්‍ය සාෆි සිද්ධිය සහ බුදු පිළිමවලට හානි කිරීම වැනි සිදුවීම් හරහා ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් ගොඩනැඟුණු බව මාධ්‍යවේදීන් පෙන්වා දුන් අතර, සුජීව සේනසිංහ මහතා එය ප්‍රතික්ෂේප කළා.  

එම ප්‍රශ්න කිරීම් හමුවේ තරමක් නොසන්සුන් වූ ඔහු ප්‍රකාශ කළේ තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට සම්බන්ධ නැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් තමන් සමඟ වාද කිරීමෙන් පලක් නොවන බවයි.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් දේශපාලනිකව විශාල ඡන්ද පාඩුවක් සිදුවූ බවද සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා

Releated News

අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
මර්වින් සිල්වාට සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *