වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
දීර්ඝ කාලයක් පුරාවට මෙම පනත ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ බවත්, 2002 වසරේදී ද තමා මේ සඳහා දායක වූ නමුත් මෙය සම්මත කරගත හැකි වූයේ පසුගිය 2025 වසරේදී බවද ඔහු කියා සිටියා.
ලංකාව තුළ පමණක් නොව වෙනත් රටකදී මෙම පනත යටතේ වරදක් සිදු වුවහොත් ලංකාවේ අධිකරනයක නඩු පැවරීමට හැකියාවක් ඇති බවත් ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ,
“මම දැක්ක අපේ පාර්ලිමෙන්තුව හදපු හොදම, අතිවිශිෂ්ටම නීතිය තමයි අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත…
මේ පනත හදන්න ඉස්සෙල්ලා වුණත් අපරාධයකින් උත්පාදිත දේපළ තියෙනවා නම් ඒවා පිළිබවඳව වුණත් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.අනිත් එක ලංකවේ විතර නෙවෙයි ලංකාවෙන් පිට තැනකදි මේකෙන් වරදක් වුණත් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, ඒ වගේම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු නැවක, යාත්‍රාවක, ගුවන් යානයක, ශ්‍රී ලංකාවේ එම්බසි එකක් මේ වරද කරනවා නම් ලංකාවේ අධිකරනයක ඒවාවලට නඩු පවරන්න පුලුවන්. ඉතින් අධිකරණ බල සීමාවත් ඉතා විශාලයි, නඩු පැවරීමේ බල සීමාවත් ඉතා විශාලයි. 1929 තිබිච්ච එක පනත දැන් පනත් 7ක් බවට පත්වෙලා තියෙනවා…”









