Live 24

February 20, 2026
⛈️Thunderstorm, 28°C
February 20, 2026
⛈️Thunderstorm, 28°C
  • Home
  • News
  • CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි
Image

CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම කොට්ඨාශය වෙත දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.

නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026
ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්

LP ගෑස් හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *