Live 24

February 20, 2026
⛈️Thunderstorm, 28°C
February 20, 2026
⛈️Thunderstorm, 28°C
  • Home
  • Local
  • ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්
Image

ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්

LP ගෑස් හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited) අවධාරණය කර සිටිනවා.

අද (පෙබරවාරි 19) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, වෙළඳපොළේ මතුව ඇති මෙම හදිසි හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වන විටත් ප්‍රමාණවත් ගෑස් තොග තමන් සතුව ඇති බවයි. 

ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා නිකුත් කළ ලිපියකින් පෙන්වා දෙන්නේ, පසුගිය දිනවල ඇති වූ මෙම තාවකාලික සැපයුම් බාධාව සඳහා ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බවයි.

1. පසුගිය පෙබරවාරි 14 වැනිදා ඇති වූ දෙදින සැපයුම් ප්‍රමාදය.
2. වෙළඳපොළේ ගෑස් ඉල්ලුම බලාපොරොත්තු නොවූ ලෙස හදිසියේ ඉහළ යාම.

මේ අනුව, පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලීම සඳහා සමාගම මේ වන විටත් දැවැන්ත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ ක්‍රියාත්මක පියවර කිහිපයක් පහතින් දැක්වේ:
• පෙබරවාරි 17 සහ 18 යන දිනවලදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.
• අද (19) සිට එළඹෙන සෙනසුරාදා දක්වා කාලය තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට සියලු කටයුතු යොදා ඇත.

මීට අමතරව, සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මස අවසන් වීමට පෙර තවත් ගෑස් නෞකා තුනක් දිවයිනට ළඟා වීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් සිදු කර ඇති බවත් සමාගම සඳහන් කරයි. 
 

ඉදිරියේදී මෙරට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට ලිට්‍රෝ සමාගම සහතික වන අතර, පාරිභෝගිකයන්ට පවතින යම් ගැටලුවක් වේ නම් ‘1311’ පාරිභෝගික සේවා අංකය අමතන ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටී.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *