Live 24

February 10, 2026
🌤️Mainly clear, 26°C
February 10, 2026
🌤️Mainly clear, 26°C
  • Home
  • parliament
  • කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.

වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට පසුගියදා පැමිණිල්ලක් කළේය.

කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත.

නීති විරෝධී ලෙස වාහන අවභාවිතය, ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම, ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාය.

කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූහ.

මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද අල්ලස් කොමිසමට බාරදී ඇතැයි වාර්තාවේ.

Releated News

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *