Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
  • Home
  • Local
  • තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි
Image

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ  World Woman Davos Agenda 2026 සඳහා ඊයේ (21) සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී “වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)” යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය සිය දේශනය සිදුකර තිබුණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බවය.

අග්‍රාමාත්‍යවරිය, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්,  කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව එහිදී පවසා සිටියා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට, තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ; එය කලක් තිස්සේ පවත්වා ගෙන යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනගා ගත් බල  ධූරාවලියක ප්‍රතිඵලයක්. නායකත්වය ලබා දෙන කාන්තාවන්ට, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්, හිරිහැර, අපහාස සහ ආන්තිකකරණය නිසා එල්ල වන ප්‍රහාර නිසා බොහෝ විට නායකත්වයෙන්  ඉවත් වීමට හෝ ඉන් වැළකී සිටීමට කටයුතු කරනවා. 

මෙම බාධකවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක්  ආරක්ෂාව පිළිබද දෙයක් නොවේ. එය, කාන්තාවන්ට සිය ස්වාධීනත්වය, අධිකාරිය සහ විශ්වාසය සමඟ නායකත්වය ක්‍රියාත්මක කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමේදී ආයතනික සහ බල ව්‍යුහයන්හි පරිවර්තනයක් කිරීම හරහා සිදු විය යුතු දෙයක්.

දේශපාලන කැපවීම එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සමඟ සමපාත වූ විට කළ හැකි දේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා තිබෙනවා. එයට හොඳම නිදසුන ලෙස පළමු වරට, කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අපගේ වත්මන් රජය යටතේ දේශපාලන නියෝජනයේ ඓතිහාසික ප්‍රගතියක් ලබලා තිබෙනවා.  

එයින් පිළිබිඹු වන්නේ ඒ දැක්ම ඉදිරි දර්ශනයකට පමණක් සීමා වී නොමැති බවයි.  සියල්ල ඇතුළත් පාලනයක් කරා  නව රජයේ කැපවීම එයින් පිළිබිඹු වෙනවා.”

නායකත්වය යනු පවතින අසුන්වලට සීමා වීම පමණක් නොව, පවත්නා පද්ධතින් ප්‍රතිව්‍යුහගත කිරීම  බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.  ස්ත්‍රීවාදී, අන්තර් නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය නැවත තහවුරු කළ අතර, කාන්තාවන් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සහභාගිවන්නන් පමණක් නොවන බවත්, අනාගත ලෝකය හැඩගස්වන ප්‍රතිපත්තිවල ප්‍රධාන නිර්මාණකරුවන් බව පවසා සිටියා ය.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ගෙදර යන්න සූදානම්  – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය,…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *