Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
  • Home
  • international
  • ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන
Image

ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ ඵලදායී සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව නිවේදනය කළා.

ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ නේටෝ මහලේකම්වරයා සමඟ පැවති හමුව ඉතා සාර්ථක වූ බවයි.

එහිදී ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපයේ අනාගතය පිළිබඳ විශේෂ සැලසුමක් සකස් කළ බවත්, ඒ අනුව එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට පැනවීමට තිබූ 10%ක නව තීරුබද්ද ක්‍රියාත්මක නොවන බවත් ඔහු තහවුරු කළා.

තීරුබදු ඉවත් කළද, ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් අතිරේක සාකච්ඡා තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මීට පෙර ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසඳයේදී ද ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ ග්‍රීන්ලන්ත භූමියේ අයිතිය සුරක්ෂිත කර ගැනීමට තමාට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා හමුදා බලය භාවිත කිරීමට තමා අදහස් නොකරන බව ඔහු එහිදී පවසා තිබුණා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජපාන අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ. ඒ අනුව…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *