Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
  • Home
  • Local
  • කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ
Image

කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ආණ්ඩුවට එල්ල වන විවේචන හමුවේ නිහඬව සිටීම පිළිබඳව පාක්ෂිකයින් නගන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා කියා සිටියේ, තමන් සැමවිටම පහර නොදුන්නද පසුව එල්ල කරන ප්‍රහාරය ප්‍රතිවාදියා කුඩු වී යන මට්ටමේ දරුණු එකක් වනු ඇති බවයි.

යම් පාර්ශවයක් තමන්ට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ තරාතිරම හෝ ඇඳුම සලකා බලා නිහඬව නොසිටින බව අමාත්‍යවරයා මෙහිදී සෘජුවම ප්‍රකාශ කළා.

කළු කෝට් නැතිනම් ජාතික ඇඳුම ඇඳලා සිටිමින් හෝ, සිවුර දාගෙන සිටියද  අදාළ නැති බව පෙන්වාදුන් ලාල්කාන්ත අමාත්‍යවරයා දේශපාලන ප්‍රහාරයක් දිය යුතුනම් එම ප්‍රතිප්‍රහාරය දෙන බව එහිදී කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ 159 ක බලයක් සහ විධායක ජනාධිපති ධුරය අතැතිව තිබියදීත් ආණ්ඩුව විවේචන හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට හිතවතුන් පවා ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

සමහර පාර්ශවයන් විවිධාකාර දේ වලින් ආරක්ෂා වීමට උත්සාහ කළද, දේශපාලන ප්‍රහාර එල්ල කිරීමේදී තමන් අකුලගෙන නොසිටින බවත්, ඕනෑම මොහොතක දරුණුතම ලෙස පෙරළා පහර දීමට සූදානම් බවත් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා. 

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *