වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු තොරතුරු සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියා.

මෙම ප්‍රකාශයත් සමඟ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ විපක්ෂ නායකවරයා අතර උණුසුම් සංවාදයක් ඇති වුණු අතර එහිදී  කරුණු දැක්වීමට විනාඩියක කාලයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් විපක්ෂනායකවරයාට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා කියා සිටියේ, අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට අදාළ සාකච්ඡාව පසුව පවත්වන බවත්, ඒ පිළිබඳව දීර්ඝ වාර්තාවක් හෙට දිනයේදී ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම මෙම කාරණය  පිළිබඳව සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පසුව තමන්ව හමුවන ලෙසට ද කථානායකවරයා දන්වා සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නොලැබුණු බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙක්, සූම් තාක්ෂණය ඔස්සේ ජිනීවාහි පැවැත්වෙන සාකච්ඡාවකට එක්ව, ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණවලින් කිසිඳු සාධාරණයක් ඉටු නොවූ බවට ප්‍රකාශ කර ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙවැනි තත්ත්වයන් රටට අහිතකර බවත්, එම වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect