Live 24

October 15, 2025
⛈️Thunderstorm, 27°C
October 15, 2025
⛈️Thunderstorm, 27°C
  • Home
  • News
  • මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට
Image

මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිදන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය හිල්ටි යන්ත්‍රයක් ,  උල්කටු කීපයක් ,  වයර් කෝඩ් කීපයක් ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.

කාන්තාවක් තවත් කීප දෙනකු සමඟ ඇයගේ නිවෙස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය මඟින් මොරගහහේන  පොලිසියට ලද දුරකථන පණිවිඩයක් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය පවසනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ පරික්ෂාවේදී  විශාල ගල්තලාවක් මැද අඩි හයක පමණ පළලින් යුත් අඩි විස්සක පමණ යටට විශාල දෝනාවක් දක්නට ලැබුණු බවත් ඒ තුළ දැඩි අඳුරකින් යුක්ත වීම හේතුවෙන් සැකකරුවන් ගල විඳීම සඳහා විදුලි රැහැන් උපයෝගී කරගෙන  නිවසින් විදුලිය ද ලබාගෙන තිබූ බවත් විමර්ශනවලදී දැකගත හැකිවූ බව පොලිසිය පවසනවා.

පිටතට ශබ්ද නොඇසීම සඳහා ගල පිපිරීම සඳහා රසායනික ද්‍රව්‍ය  යොදා ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ගල මේ තරමට යටට පිපිරවිමට මාස දෙකක පමණ කාලයක් ගත වූ බව අත්අඩංගුවට ගත් සැකකාරියගේ මුනුබුරාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.

 මෙම ගල්තලාව මත අලියෙකුගේ සහ කිරිබත් කෑල්ලක හැඩයෙනුත් රූප සටහන්ද දක්නට ලැබෙන බවත් සැකකාරිගේ ප්‍රකාශවලින්ද අනාවරණය වූ බවත් ඊතලයක හැඩයෙන් යුත් රූප සටහන් ගල්තලාව  නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පවසයි.

ඊට අමතරව  වසර සිය ගණනක් පැරණි පුස් වැලක්ද ගල්තලාව ආසන්නයේ  වැවී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම ගල්තලාව මත ඇති නිධානය ගැනීම සඳහා සැකකාරිය විවිධ පුද පූජා පවත්වා ඇතැයිද අවට නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් 76  හැවිරිදි සැකකාරිය හා 20 හැවිරිදි මුණුබුරා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…

Sep 23, 2025
දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *