Live 24

October 15, 2025
🌦️Slight rain showers, 27°C
October 15, 2025
🌦️Slight rain showers, 27°C
  • Home
  • News
  • එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා
Image

එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් ෆීඩර්ස් නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්මුයෙල් යොස්කොවිට්ස් විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, මෙම මුදල ගෙවීම ගෝලීය නාවික කර්මාන්තයට පුළුල් බලපෑම් ඇති කරනු ඇති අතර, එය ‍අනතුරුදායක පූර්වාදර්ශයක් විය හැකි බවයි.

පසුගිය ජූලි මස 24 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන ලෙස නියෝග කර තිබුණා.

එම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ දැක්වෙනවා.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් එවක අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණා.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *