Live 24

February 23, 2026
☁️Overcast, 28°C
February 23, 2026
☁️Overcast, 28°C
  • Home
  • Local
  • හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්
Image

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ යට අපහාසයක් සිදු කර ඇති බවට අධිකරණය අද (23) තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවයි.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා චෝදනා ලබා සිටියා.

පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පාඨලී චම්පික රණවක මහතා සහ එම්.ඒ.සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පසුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමය යටතේම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කළා.

නමුත් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැරහැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වනදා ඔහුව රක්ෂිත බන්ධනාගාර කෙරුණා. 

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *