Live 24

January 28, 2026
🌤️Mainly clear, 30°C
January 28, 2026
🌤️Mainly clear, 30°C
  • Home
  • Local
  • අලි රොෂාන්ට වසර 15ක සිරදඬුවම්
Image

අලි රොෂාන්ට වසර 15ක සිරදඬුවම්

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණා.

ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *