Live 24

October 15, 2025
🌦️Slight rain showers, 27°C
October 15, 2025
🌦️Slight rain showers, 27°C
Image

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.

අද (16) මාධ්‍ය කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පොරොන්දුවක් දී ඇති බවත්, එම සාකච්ඡාව ඉදිරියට ගත යුතු බවයි.

එමෙන්ම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් පිළිබද ඔහුගෙන් කළ විමසීමකදී ලාල්කාන්ත මහතා සදහන් කළේ, නීතිය සියලුදෙනාටම සමාන බවයි.

“වත්කම් බැරකම් නිත්‍යානුකූලව බාර දෙනවානේ. ඊට පස්සේ ඒවා වැරදිනම් හරි ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට. කිසිම ප්‍රශ්නයක් නෑ. කාටත් නිතිය එකයි. ජාතික ජන බලවේගයේ ඇමති වුණත්, ජාතික ජන බලවේගයේ අගමැති වුණත්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වුණත්, පාර්ලිමේන්තුවේ නොවුණත් ප්‍රාදේශීය සභාවල නගර සභාවල වුණත් කාටත් නීතිය එකයි. මටත් එකයි කාටත් එකයි. ඒ අනුව රටේ කටයුතු සිද්ධ වෙනවා.

මං හිතන්නේ මෙහෙමයි. ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් යම්කිසි නිශ්චිත චෝදනාවක් තියෙනවනා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නත් නීතිමය ආයතන බැ‍දිලා ඉන්නවා. ඒවාට කිසිම බාධාවක් නෑ”

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීම පිළිබ‍දවත් ඔහු අදහස් දැක්වුවා.

එහිදී ලාල්කාන්ත මහතා සඳහන් කළේ, එය සමස්ත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මහජන ඉල්ලීමක් සහ තම පක්ෂයේ පොරොන්දුවක් බවයි.

“රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ කියන එක මහජන ඉල්ලීමක්. ඒක අපි දීපු පොරොන්දුවක්. දේශපාලනය කඩාවැටුණා. ආර්ථිකය කඩාවැටුණා. සමාජ සංස්කෘතිය කඩාවැටුණා. ආර්ථිකය හා සමාජ සංස්කෘතිය කඩාවැටුණේ දේශපාලන සංස්කෘතියේ කඩාවැටීම එක්කයි. දේශපාලන සංස්කෘතිය සකස් කිරීම අපි මූලධර්මයක් හැටියට පිළිගන්නවා. ඒ නිසා තමයි ජනාධිපතිලා ජනතාවට නැති වරප්‍රසාද ලබමින් හිටියා. ඒක වෙනස් කරන්න අපි ආණ්ඩුවක් හැටියට තීරණය කළා. අපි ඒක නිත්‍යානුකූලව වෙනස් කළා. ඒක මහින්ද රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කුමාරතුංග හරි වෙනත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි.

ජනාධිපතිකම දිගට ගෙනියනවාද නැද්ද කියලා ප්‍රශ්නයක් වෙනම තියෙනවා. අපි දීපු පොරොන්දුවක් තියෙනවා විධායක ජනාධිපතිකම මේ රටට ඕනෑ නැහැ කියලා. ඒ සාකච්ඡාවත් අපි ඉදිරියට ගන්න ඕනෑ. ඒකත් ගත යුතුයි. නිර් ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි රටේ තිබුණේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට ධනාත්මකව ගෙනියන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒකට ජනතාව සහයෝගය දෙනවා. සමහරුන්ට රිදෙනවා.කරන්න දෙයක් නෑ”

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *