Live 24

Tuesday
September 16, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
September 16, 2025
  • Home
  • Local
  • සම්පත් මනම්පේරි භාර වෙන බව අධිකරණයට කියයි
Image

සම්පත් මනම්පේරි භාර වෙන බව අධිකරණයට කියයි

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (සැප්: 15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේ භාර වීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස නියෝග කළේ ය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සම්පත් මනම්පේරි සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින බව සඳහන් කළේ ය.

Releated News

ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 4.9% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇති බව…

Sep 16, 2025
කොළඹ ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථාන නවීකරණය වෙන්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවේ ගමනාගමනය සඳහා වැඩිම මගීන් පිරිසක් පැමිණෙන නගර අතුරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනියි. අන්තර් පළාත් බස්…

Sep 16, 2025
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට  ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව…

Sep 16, 2025
හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…

Sep 16, 2025
කඩවත – මීරිගම අධිවේගයේ කටයුතු පටන් ගන්නවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත…

Sep 15, 2025
අලුත් වෙන මරදාන

තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා සිහින ගමනාන්තය දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

Sep 15, 2025
අරක්කු බෝතලයක් නිසා පොලිසියේ තුනකට අවුරුදු 7ක සිරදඬුවමක්

පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම්…

Sep 15, 2025
තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *