අරක්කු බෝතලයක් නිසා පොලිසියේ තුනකට අවුරුදු 7ක සිරදඬුවමක්

පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී වධ හිංසා පමුණුවා මරණයට පත් කිරීමේ චෝදනාවට අදාළවයි.

2004 වසරේ ලෝක අමද්‍යප දිනයදා පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ හෝටලයකට මත්පැන් බෝතලයක් ලබාගැනීම සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදි හෝටලේ කළමනාකරු විසින් පොලිස් නිළධාරින්ට පවසා තිබුණේ අමද්‍යප දිනය හේතුවෙන් මත්පැන් ලබා නොදෙන බවයි.

එය පැවසිමත් සමඟ එයට උරණ වු පොලිස් නිළධාරින් කළමනාකරු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා පමුණුවා තිබු අතර ඔහු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය හර්මන් ක්වින්ටස් පෙරේරා නමැති හෝටල් කළමණාකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ ඔහුගේ ශරිරයේ බාහිර තුවාල 26ක් තිබූ බවත් ඉන් තුවාල 14ක් බරපතල තැලිම් තුවාල බවයි.

ඒ අනුව සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට අධිකරණයේ චෝදනා ගොනු කෙරුණා.

වසර 21 පුරා මහාධිකරණ විනිසුරුවන් 11 දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පොළොන්නරුව මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට රුපියල් 15,000 බැගින් දඩ මුදල් සහ වසර 7 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා.

කෙසේ නමුත් මෙම නඩු කටයුත්තේ පළමු විත්තිකරු වූ පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් තිබෙනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect