හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම විදෙස් ගමන් තහනම ඔවුන්ට පනවා ඇත්තේ වලාන දුෂණ මර්දන ඒකකයේ ඉල්ලීම පරිදි ය.
අනීතික ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.
ඔහු විසින් පොලිසියට ලබා දෙන ලද කටඋත්තරයට අනුව, නීති විරෝධී ලෙස එකලස් කරන ලද එකී ජීප් රථය ඔහු විසින් මිලදී ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ දියණියගෙනි.