Live 24

January 29, 2026
☀️Clear sky, 26°C
January 29, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්
Image

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

“අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම නුදුරේදීම සිදු කරනවා.”

“අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදුවී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණක්. අනවසර ජංගම දුරකථන මගින් සිදුකරන සමාජ විරෝධී වැඩ අවම කිරීම, ජංගම දුරකථන මගින් අයථා ගනුදෙනු කරන පුද්ගලයන් හඳුනාගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.”

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *