Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
  • Home
  • News
  • අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතු​ළු කරලා – රේගු නිළධාරින්ගේ සංගමය ජනපති හමුවෙයි
Image

අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතු​ළු කරලා – රේගු නිළධාරින්ගේ සංගමය ජනපති හමුවෙයි

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප්‍රමාණය​ක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජී​ව පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවයි. එමෙන්ම අදාල බහාලුම් තොගය පසුගිය සෙනසුරාදා දිනයේ (18) වරායෙන් මුදාහැර තිබෙන​වා .

මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑ​ම නීති විරෝධී බහාලු​ම් තිබිය හැකි බවද කියා සිටී.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තවදුරටත් පැවසුවේය.

රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද දිනයේ තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.

මේ අතර අදාල සිදුවීමට විරෝධය පල කරමින් බහාලුම් අංගන වල සේවය කරන සියළු නිළධාරීන් සේවයෙන් ඉවත් වී ඇ​ති අතර, ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවකින් පසු ඔහුගේ ඉල්ලීම මත නැවත සේවකයින් රාජකාරී සඳහා වර්තා කොට තිබුණා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *