Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
Image

Netflix  මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි

Netflix  රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.
ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගයි

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල Netflix  පිරිවැය වැඩි කරන බවයි සමාගම පවසන්නේ.

තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීම සඳහා තම සාමාජිකයින්ගෙන් මෙලෙස සේවා ගාස්තුව ඉහළ දමන බව ඔවුන් සඳහන් කරනවා.

පසුගිය වසරේ අග දකුණු කොරියානු නාට්‍යයටක්වන Squid Game හි දෙවන කතා මාලාව සහ සටන්කරුවෙකු බවට පත් වූ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ජේක් පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරඟයක් ඇතුළු ක්‍රීඩා මගින් Netflix සමාගම  බලාපොරොත්තු වූවාට වඩා හොඳ ග්‍රාහක සංඛ්‍යාවක් එකතු වී තිබෙනවා.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ, වෙළඳ දැන්වීම් නොමැති සම්මත දායකත්වය ඇතුළුව සියලුම සැලසුම්වල පාහේ මිල ගණන් ඉහළ යනු ඇති අතර එය දැන් මසකට ඩොලර් 17.99 වනු ඇති. මීට පෙර එය ඩොලර් 15.49 ක් වූවා.

දැන්වීම් සහිත එහි සාමාජිකත්වය ද ඩොලර් 7.99 දක්වා ඩොලරයකින් ඉහළ යන බව සඳහන්.

Netflix  අවසන් වරට අමෙරිකා එක්සත් ජනපදයේ මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදීවන අතර එහිදී එය එක්සත් රාජධානියේ සමහර සැලසුම් සඳහා පිරිවැය ඉහළ දැමුවා.

ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නව ග්‍රාහකයින් මිලියන 9.6 ක් එකතු කිරීමට අපේක්ෂා කළ නමුත් එම සංඛ්‍යාව බොහෝ දුරට ඉක්මවා ගොස් පසුගිය වසර අවසන් වූයේ මුළු ග්‍රාහකයින් මිලියන 300 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ බවයි Netflix  සමාගම පවසන්නේ.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *