Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
  • Home
  • News
  • කතරගම මැණික්ගංතෙර මංදිරේ පිළිබද ප්‍රශ්නය; “මම ජී රාජපක්ෂ නොහදුනමි..!” ජී.රාජපක්ෂ සී.අයි.ඩීයට කියයි.
Image

කතරගම මැණික්ගංතෙර මංදිරේ පිළිබද ප්‍රශ්නය; “මම ජී රාජපක්ෂ නොහදුනමි..!” ජී.රාජපක්ෂ සී.අයි.ඩීයට කියයි.

කතරගම මැණික්ගංතෙර මංදිරේ පිළිබද ප්‍රශ්නය;  “මම ජී රාජපක්ෂ නොහදුනමි..!” ජී.රාජපක්ෂ සී.අයි.ඩීයට කියයි. 

කතරගම මැණික් ගඟබඩ, රජයේ රක්ෂිත ඉඩමක ඉදිකොට තිබෙන සුඛෝපභෝගී මන්දිරයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් වූ අභිරහස හෙළි කර ගැනීම සදහා, පසුගිය සතියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි කැදවා තිබුණි.

මැණික් ගංතෙර එකී ආන්දෝලනාත්මක මන්දිරයට ලබා දී තිබෙන විදුලි සැපයුම වෙනුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලය, ජී.රාජපක්ෂ නමැති අයෙකුගේ නමට නිකුත් කර තිබෙන විදුලි බිලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ විට, හිටපු ජනාධිපතිවරයා, තමන් එනමින් යුතු පුද්ගලයෙකු නොහදුනන බව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ වෙතත්, මැණික් ගංතෙර මෙම සුවිසල් මන්දිරය පිළිබදව මීට වසර ගණනාවකට ඉහත දී ප්‍රවීණ මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරියද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබුණු අතර, එහිදී ඔහු එම මන්දිරයේ ජල පරිභෝජනය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලය නිකුත් කර තිබුණු ජල බිලක් ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි. 

එම ජල බිල නිකුත් කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ නමැති අයෙකුගේ නමටයි. 

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *